Friday, March 4, 2011

෴පාරමී දම් පුරමු අප දෙදෙනා෴

ආදරණිය සුදු අයියේ,
                             ඔන්න ඔයාගේ සුදු නංගා අද ජීවිතේ අළුත් පිටුවක් පෙරලනවා. ඇත්තටම ඔයා හින්දයි මට මේ ගමන යන්න ආරම්භයක් ලැබුනේ.ඒත් තාම මට බැහැ මේක ඔයාට පෙන්නන්න.ඒත් සුදු අයියේ මං ඔයාට ඉක්මනටම දවසක මේක පෙන්නනවා.එදාට ඔයා මට බනීවිද, එහෙමත් නැත්තං වෙනදා වගේම මගේ ඔළුව අතගාලා හීනියට ටොක්කක් අනීවිද, ඒ කොහොම කලත් කමක් නැහැ ඒත් අර හිටි හැටියේ කරන මං දිහා ඔහේ බලා ඉදලා ඇස් හංගගෙන හැරිලා යන එකනං කරන්න එපා.මං දන්නවා ඒ ඔයා අඩනවා කියලා.මං වෙනුවෙන් මේ ලොකේ කඳුලක් හෙලන්න ඉන්නේ ඔයා විතරයි. මං ඒ තරමටම තනි වෙලා.
ඒ තනිඋන මට එකම හයිය සුදු අයියේ ඔයා විතරයි.
අපි දෙන්නා එකම අම්මාගේ කුසෙන් නූපන්නට ඔයා මට කවදාවත් වෙනස් කමක් කරලා නැහැ. හැමදාමත් මාව ආරක්ෂා කලේ ඔයා.මට ආදරේ කලේ ඔයා මාව බලාගත්තේ ඔයා.
අදටත් හෙටටත් ඒක එහෙමම වෙනවා කියලා මං දන්නවා.
ඉතිං ඒ දයාබර සහෝදරත්වය වෙනුවෙන් මගේ මේ පලමු ලිපිය ඔයාගේ උත්තම සොහොයුරු පෙමට පුදන්න මං කැමතියි. මේ භවයේ බැරි උනාට මතු හැම භවයකදීම අයියා මගේම අයියා වී ඉපදදේවා.
                                                           
- මේ ඔයාගේ සුදු නංගියා
                                                               හිරු කුමාරි

20 comments:

  1. එහෙනම් එසේම වේවා!!!

    ReplyDelete
  2. එසේම වෙන්න කියල පතන්නම්. දිගටම ලියන්න..
    සුභ පැතුම් අළුත් ගමනට......

    ReplyDelete
  3. සුබ පැතුම් කෙල්ලේ

    ReplyDelete
  4. ස්තූතියි.හැමෝටම ස්තූතියි.
    අදනං මට නින්ද යන එකකුත් නැහැ

    ReplyDelete
  5. සුභ පැතුම් මගෙන්.... අද නන් නින්ද යන්න ලැබේවා!!!!!!!!

    ReplyDelete
  6. හීහී
    ස්තූතියි පසන් අයියා

    ReplyDelete
  7. සුභපැතුම් ! ඒත් ඉතිං හිරුකුමාරි නිදාගත්තෙ නැත්නං අපි අයෙම හඳ දකිනව බොරු. :D

    ReplyDelete
  8. සුභපැතුම් ! එසේම වේවා

    ReplyDelete
  9. සහෝදරකම් ඇති වෙන්න එක කුසින් උපදින්නම ඕන නැහැ. ඒක මන් දන්නෙ ඇත්දැකීමෙන්.
    කොහොම උනත් ඔයාගෙ නව පියවරට මම මුලු හදවතින්ම සුභ පතනවා. ඔයාට දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා.
    All da best!!!
    Good luck!!!

    ReplyDelete
  10. සුභපැතුම් ! එසේම වේවා

    ReplyDelete
  11. හැමෝම කියනව වගේ එහෙමම වෙයි ආයෙ ඒකෙ 2ක් නැ :)
    සතුටින් ඉන්න දිගටම ලියන්න :)
    ජයවේවාzzzzzz :D

    ReplyDelete
  12. සුබ පතුම් දිගටම ලියන්න,....ඔබට ජය

    ReplyDelete
  13. සුභ පැතුම් හිරුණි!!!!

    සතුටත් එකතු කරන් දිගටම ලියන්න.....!!!!!

    ReplyDelete
  14. සද්ද නැතිව බලා හිටියට මාත් ඉන්නවා ඕං පැත්තක...
    කරගෙන යන්..

    ReplyDelete
  15. හැහ්.. කොච්චර බැන්නත් මාත් බලන් ඉන්නෝ..

    ReplyDelete
  16. හූ.. හූ.. ඔන්න මාත් ඉන්නවා. ජය වේවා දිගටම ලියමු.

    ReplyDelete
  17. ම,ප්‍රියන්ත අයියා,රංග අයියා,ශානු අක්කා,පසන් අයියා,නවම් අයියා,නිශ් අන්කල්,අනූ අයියා,සිරකරු අයියා,ජේඩී අයියා,අසංක අයියා,හා අක්කා,මාරයියා,බනී අයියා,අනේ තවත් රංග අයියා කෙනෙක්,??හරි ඔය ඔක්කෝලටම බොහෝම ස්තූතියි ඒ වගේම පින් මට දුන්න මේ හයියට.

    ReplyDelete
  18. දිගටම ලියන්න නංගියා... සුබ පැතුම්..

    ReplyDelete
  19. අහම්බෙන් ආවේ.. පේන විදියට නම් බ්ලොග් එක අතැරලා දාලා වගේ! :(

    ReplyDelete